කරේ තියන් අල ලූනුයි ගෙනාවේ
වෙරේ අරන් ලොරි ගණනින් ගෙනාවේ
දුකම තමයි සංසාරෙන් ගෙනාවේ
ඉර බැස්සම මත් වතුරට හිනාවේ
පැඳුර නැතුව බංකුව උඩ නිදන්නා
නිතර නිතර එළිවෙනකම් කහින්නා
සොඳුර නැතුව තනියම කල් ගෙවන්නා
ඉරට කලින් පිටකොටුවට දුවන්නා
අඩ නිරුවත් පෑදුන ඇට සැකිල්ල
පෙට්ටි කඩෙන් දියවන කය රැකිල්ල
කරේ තියන් ජීවන බර ඇදිල්ල
''අයින් - අයින් '' ඉඩදෙනු! දිවි ගෙවිල්ල.
වෙරේ අරන් ලොරි ගණනින් ගෙනාවේ
දුකම තමයි සංසාරෙන් ගෙනාවේ
ඉර බැස්සම මත් වතුරට හිනාවේ
පැඳුර නැතුව බංකුව උඩ නිදන්නා
නිතර නිතර එළිවෙනකම් කහින්නා
සොඳුර නැතුව තනියම කල් ගෙවන්නා
ඉරට කලින් පිටකොටුවට දුවන්නා
අඩ නිරුවත් පෑදුන ඇට සැකිල්ල
පෙට්ටි කඩෙන් දියවන කය රැකිල්ල
කරේ තියන් ජීවන බර ඇදිල්ල
''අයින් - අයින් '' ඉඩදෙනු! දිවි ගෙවිල්ල.
කර ගැසුවට මේ බර මුලු සංසාරේ
ReplyDeleteමෙලොවක මිස වෙන කිසිවක් නැත මිතුරේ
කාසි පනං හෙට යයි ගහගෙන වතුරේ
හෙට කුමටද අද පමණයි සැනසුම මත් වතුරේ
ගොඩාක් දුක හිතෙන කවියක්
ReplyDeleteමූට්ට කරගසන්නෙකුගෙ පීඩාව
අරුත්බර සිතුවිල්ලකි
නියමෙට අකුරු කොටලා තියනවා කල්ප....:)
wow....
ReplyDeleteකවියෙක් කියලා දැනගත්තට බ්ලොගර් කෙනෙක් කියලා දැනගත්තේ අද.
හරිම අපූරුයි... මාත් ඉබේම බර ඉස්සුවා වගේ.....
ලස්සනට ලියල තියනවා
ReplyDeleteකවිය ලස්සන උනාට හැබැයි අරුත නම් දුක්බරයි
මූට්ට කරගහන්නෙකු ගැන අපූරුවට ලියලා තියනවා. පිටකොටුවට ගිහින් ආව වගෙ හැගීමක් ආවා
ReplyDelete