බියගුලු මහ එවුන්
හිඳිමින් පොඩි උන්ගෙ කර මත
පෙරමඟ බියක් දුටුවිට
සැඟවෙයි උනුන්ගෙම අහු කොන්වල
නොබියව බුරන සුනඛ තෙම
වැකුණු පසු හඬ ගල් කැටයක
දිවයයි එසැණ මගහැර
සඟවා නගුට පා මුලුවල
පසුපස දුවන උන්
අදිමින් මහ උන්ගෙ බර
ලැබගෙන තුටු පඬුරු ලොබකර
සැනහේ විටින් විට මදකට
විසිකළ රබර් පා වැසුමක
සපමින් රස කරන සුනඛ තෙම
සැණෙකින් ගෙදර හිමි දැක
සොයමින් ඉව කරයි රස තවකෙක
රත්න ශ්‍රී මහත්මයාගේ කවියක් තියෙනව මීය හා පැණි කියල!
ReplyDeleteමට අන්න ඒක මතක උණා!
ඒ අදහසම නෙමෙයි මන් හිතන්නේ!
කොහොම උණත් වැදගත් අදහසක්!