සිසිල සැනසුම ගෙනෙන රෑ යම
නිදි නොලැබ හිත කිමද ගිනියම
නිහඬ කඳුළක හිතට උණුහුම
විඳිමි! නිසසල රැයක හිඳ මම
පෙළෙන විට හද නොදැක නුඹෙ වත
සඳහි, තරුවක නිතර ඉඟි ඇත
වෙන්ව තනිවුණ කලක සුව නැත
හිතක පතුළක නිතර දුක ඇත
ඇසෙන නෑසෙන හඬහි ඇසුණිය
දකින නොදකින රුවහි පෙනුණිය
හිතට ගෙවැදුණු සොඳුරු ප්‍රේමය
නුඹය..! නුඹමය..! මගේ ලෝකය
අහම්බෙන් කවි පිටුවක් දැකලා ගොඩ වැදුනා. හොඳ කවි සිතක් කවි වලට මම කොහොමත් කැමතියි.
ReplyDeleteලස්සන කවියැකි...වර්ඩ වේරිෆිකේෂන් අයින් කිරීම අපට කමෙන්ට් දමන්නට කරන උපකාරයකි..
ReplyDeleteදයානන්ද මහත්මයාට ගොඩාක් ස්තූතියි..!
ReplyDeleteඅමිල සහෝදරයා ගොඩාක් ස්තූතියි අගය කිරීමට සහ දෙන සහයට. මම ඒක අයින් කලා.
ReplyDeleteනියම වැඩක් කල්ප අයියේ...
ReplyDeleteසුබ පැතුම් මගෙන්...
තවත් ඉදිරියටම යන්නට
ශක්තිය ලැබේවා......
ගොඩාක් ස්තුතියි චින්ති නංගී ආදරනීය ලෙන්ගතුකමට..
ReplyDeleteහ්ම්ම් ලස්සනයි කවිය.
ReplyDelete