Monday, June 18, 2012

ලෙච්චමී.

උදේ කහට කෝප්පයත් නොබී
තේ දලු කඩන ලෙච්චමී
දැක්කම හිතේ මලක් පිපෙන්න
සිරියාවන්ත හිනාවෙන් පිරුණ ලෙච්චමී

තේ දලු නෙලන්නිය ඇය
කහට ජීවිතයට
සීනි එක්කරන්නිය ඇය
තේ දලු මල්ල ඔසවගෙන
හිත සැහැල්ලු කරගන්නීය ඇය
තේ දලු කප්පාදු කර
ජීවිතය ලියලවන්නීය ඇය

තේ ගස් වලට පොහොර දමන්නිය
ඩා බිඳු, පවුලකට පොහොර කරන්නිය
කෙසඟ සිරුරකට හිමිකම කියන්නිය
පිරුණු සරීරෙක ශක්තිය තියෙන්නිය
කඳු දිගේ නගින්නිය
හීන කන්ඳක් දිගේ යන්නිය

සවසට සැමියාට සීනි තේ හදන ඇය
දරුවන්ගෙ හිස පිරිමදින ඇය
දරුවන්ට අකුරු කරවන
අකුරු නූගත් ඇය.

4 comments:

  1. නිතර හමුවන ලෙච්ච්මීව ලස්සනට අකුරු කරලා

    මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
  2. ලෙච්චමී........ මේක නන් අපූරුයි මචං

    ReplyDelete
  3. දරුවන්ට අකුරු කරවන
    අකුරු නූගත් ඇය....

    මේ ටිකට මම ආසයි යාළු..:)

    ReplyDelete
  4. අද දවසට තේ දළු නෙලන ලදුන් ගැන කියවපු දෙවැනි ලිපිය ,මොකක් හරි විශේෂත්වයක් තියෙනවද ?

    ReplyDelete