Wednesday, June 27, 2012

බිරිඳක් කියන කවි.

උදෑසනම ගෙදරින් යන සැමියානෝ
හවස් වෙලා ආපසු එන සැමියානෝ
ටීවි බල බලා බත් කන සැමියානෝ
අහක බලාගෙන නිදියන දෙයියානෝ

කන්න ගියා බොන්න ගියා මම නොදනී
ලෙඩක් දුකක් හැදෙන්නෙපා නුඹ නොදනී
ඒ කාලෙදි හචින් ගියා දෙදෙන දනී
කඳුළු ගියා උන්නා හැටි මතක් වුණි

උදේ රැයින් සිදුවෙනවා උයන්නට
දවල් තනිය බෑ හිමියනි දරන්නට
එදා වගේ ඇයි බැරි වුණෙ සිටින්නට
මෙදා ජීවිතේ තිත්තයි ගෙවන්නට

ඉස්සර හිටියෙ මගෙ වස්තුව කියාගෙන
මුහුණ පුර මඳ සිනහව පුරෝගෙන
නොසරුප් වචන මට වෙන්කර තබාගෙන
ඇයි හිමියනි දැන් ඉන්නේ ඔරෝගෙන

කඳුළු මිසක් නෑ නිරතුරු හිනාවන්
දෙන්නට ඇයි මෙහෙම වුණේ කියාපන්
එදා වගෙම ආදරේද අසාපන්
නොබැඳ ගෙදර සිටීම වාසනාවන්

පෙකනි වැලේ එල්ලී ඉන්නා පැටියා
හවස ඇවිත් තතු අහනා තුරු හිටියා
මනාප ඇති කෑම ජාති නැති සැටියා
නාඬා ඉතින් නිදපන් මගෙ රන් කැටියා.

6 comments:

  1. බ්ලොග් ලියන සැමියනුත් ඔහොමද දන්නැ......!

    කවි ටික නියමෙට ලියලා තියෙනවා. අන්තිම කවිය නං සංවේදියි.

    ReplyDelete
  2. අන්තිම කවිය නැත්නම් මට හිතෙන්න මේ කවි පන්තියට හොඳ තෙරුමක් ඒයි
    මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්

    ReplyDelete
  3. :( :( නොබැද ඉන්න එක හොදයි වගේ......

    ReplyDelete
  4. සැමියනෝ බිරිඳටත් කියන කවි තියේ..........






    මේ වගේම!

    ReplyDelete
  5. උපහාසාත්මක බවක් තිබුනත් ලොකු තේරුමක් තියෙන කවි ටිකක්..

    ReplyDelete
  6. Hoda Nisadesak.....
    Maxa.....

    ReplyDelete