Wednesday, June 27, 2012

ඇගිනස්.

ගමේ අරක්කු ගෑණි
ඇගිනස්
වට පිට බල බල
පදුරක් හොය හොය
කසිස්පු හංගන
උස මහත ගෑනි ඇගිනස්

බීලම මැරුණු
කසිප්පු සිරිදාසගෙ
රැකියාව බාරගත්ත ඇගිනස්

ප්‍රධාන ගැනුම්කරු
ජයදේවව
තමන්ගෙ ගෙදරම
බින්න බස්සගත්ත ඇගිනස්

සල්ලි පොලියට දුන්න
කසිප්පු මුදලට දුන්න
පිරිමියෙක් වගේ ඉන්න
කසිප්පු ගෑනි ඇගිනස්

වීදුරු සෙට්
රීදී මාල වලලු
කසිප්පු වීදුරුවට හුවමාරු කල ඇගිනස්

ගැනුම්කරුවන්ගෙ ඇස් වලට
ගොරක මද ඇල්ලවූ ඇගිනස්
තැරැව්කරුවන්ගෙ අත්වලට
කොමිස් මුදල් දුන් ඇගිනස්

නිතරම පොලිසියෙන් ගෙන්වන
අරුක්කු බෝතල්ම පෙන්වන
කසිප්පු බෝතල් විකුනන
අල්ල ගන්න සාක්ෂි නැති ඇගිනස්

හවස හය වෙනකොට
ඉස්තෝප්පුවෙ ඉඳගෙන
බණ පොත ඇරගෙන
ගමටම ඇහෙන්න
බණ පද කියන ඇගිනස්

පවුල් පිටින් අරගෙන එන දොස් අහන
අවුල් වෙච්ච පවුලක් ගැන නොම සිතන
ඉදුල් වෙච්ච කය නිතරම පිට දුවන
හවස් වරුව බිම ඉඳගෙන යන නිවන

පෝයට සිල් ගන්න ඇගිනස්
හාමුදුරුවො කියන විදිහට
''සිල්වත් උපාසිකා මාතාව'' ඇගිනස්.

3 comments:

  1. ලස්සනම ලස්සනට පද ටික අපූරුවට ලියූ නුඹ පොස්ටුවක් ඇගෙ නම ඇගිනස්!
    ඇත්තම කතාවක්ද ගොතාපු කතාවක්ද කිව්වනම් වටිනවා දැන් ඉතින් කල්පස්! :) :)

    ReplyDelete
    Replies
    1. අපේ ගමට ඇවිත් කසිප්පු ටිකක් ගන්න තැනක් ඉල්ලන්න :D

      Delete
  2. කරන ජොබ් එක ඇරුනම අනිකවා නම් සුපර් බන්.CIA,FBI වලට ගන්නෙ ඔය වගේ අය

    ReplyDelete