Wednesday, June 6, 2012

ජීවිතයකට පුළුවන්ද අමරණීය වෙන්න?

අයින්ස්ටයින්,
මට ඕනා ආලෝකයේ වේගය
ඔරලෝසු කටුවක් හදනවාද
ආලෝකයේ වේගය සහිත
එල්ලී යන්න මට.

දන්නවාද නුඹ වේගය රැවුල් ගසක
බැරිද කළුවට තියාගන්න සදහටම කේශර
වයසක් තියනවද නළල් රැල්ලකට?.

බැරිවුනිද නුඹට වැඩිපුර ඉන්න
ජීවිතය මන්දනය කර රදවාගන්න
නිවැරදිය මිතුර නුඹ
වේගවත්ය මේ හිත
ආසන්නය ස්කන්ධය අනන්තයට.

මලකට පුලුවනිද පරනොවී ඉන්න
ජීවිතයකට පුළුවන්ද අමරණීය වෙන්න?.

2 comments:

  1. ගණිතමය සංකල්ප ඔස්සේ ලියපු කවිය නම් අපූරුයි.

    ජීවිතයකට අමරණීය වෙන්න බැරිවෙයි. ජීවත් වූ කාලය පුරා කළ කී දේ අමරණීය වනු ඇත.

    ReplyDelete
  2. Jeewithaya kiyana aruma puduma deya, diyunu Physics walin keeyatawath maninna baha..! :)
    godak lassanai

    ReplyDelete