Monday, May 21, 2012

මුට්ට කරගසන්නෙක්.

කරේ තියන් අල ලූනුයි ගෙනාවේ
වෙරේ අරන් ලොරි ගණනින් ගෙනාවේ
දුකම තමයි සංසාරෙන් ගෙනාවේ
ඉර බැස්සම මත් වතුරට හිනාවේ

පැඳුර නැතුව බංකුව උඩ නිදන්නා
නිතර නිතර එළිවෙනකම් කහින්නා
සොඳුර නැතුව තනියම කල් ගෙවන්නා
ඉරට කලින් පිටකොටුවට දුවන්නා

අඩ නිරුවත් පෑදුන ඇට සැකිල්ල
පෙට්ටි කඩෙන් දියවන කය රැකිල්ල
කරේ තියන් ජීවන බර ඇදිල්ල
''අයින් - අයින් '' ඉඩදෙනු! දිවි ගෙවිල්ල.

5 comments:

  1. කර ගැසුවට මේ බර මුලු සංසාරේ
    මෙලොවක මිස වෙන කිසිවක් නැත මිතුරේ
    කාසි පනං හෙට යයි ගහගෙන වතුරේ
    හෙට කුමටද අද පමණයි සැනසුම මත් වතුරේ

    ReplyDelete
  2. ගොඩාක් දුක හිතෙන කවියක්
    මූට්ට කරගසන්නෙකුගෙ පීඩාව
    අරුත්බර සිතුවිල්ලකි
    නියමෙට අකුරු කොටලා තියනවා කල්ප....:)

    ReplyDelete
  3. wow....
    කවියෙක් කියලා දැනගත්තට බ්ලොගර් කෙනෙක් කියලා දැනගත්තේ අද.

    හරිම අපූරුයි... මාත් ඉබේම බර ඉස්සුවා වගේ.....

    ReplyDelete
  4. ලස්සනට ලියල තියනවා
    කවිය ලස්සන උනාට හැබැයි අරුත නම් දුක්බරයි

    ReplyDelete
  5. මූට්ට කරගහන්නෙකු ගැන අපූරුවට ලියලා තියනවා. පිටකොටුවට ගිහින් ආව වගෙ හැගීමක් ආවා

    ReplyDelete