Thursday, May 10, 2012

වෙසක් සඳ.

වෙසක් සඳ පායලා දැක්කම
සිල් ගත්ත මේ හිතත් අරගෙන
ඉදලහිට වත් පංසලට නොගියට
මටත් හිතෙනව නිවන් යන්නට

පහන් දැල්ලක් වගෙලු ජීවිතය!
ටික කලක් හරි රැදී තිබුණට
ඒ තරමටම එළිය දෙනවද
දවස ගානෙම දැවෙනවා මිස?

දින දිනම උරුම වන අඳුරය
මලානික ජීවිතය කුමටද?
කල්පයක් වුව බලා ඉන්නද
කෙළවරක අස්වැසිලි සඳකට?

මරණය වුවද කම් නැත
ජීවිතය වුවද කම් නැත
තියෙනවද කමටහන
සොයාගන්නට ජීවිතය?

මා කියා අයෙක් නැත
ඔබ කියා කෙනෙක් නැත
හිත කියා එකක් නැත
මට වෙන්ව කිසිත් නැත

දස අතම ගිලගන්න අඳුරය
කොහිද නිවනහි ස්වරය?
සිත නිවන කමටහන
නිවන! අමාමහ නිවන!

1 comment:

  1. ඔබත් මාත් නොදැක ඇති නිවන
    බුදුන් දැක්කාලු
    රහතුන් දැක්කාලු
    තව පන්ඩිතයනුත් දැක්කාලු
    නොදැක්ක නිවන පසුපස ලයින් නිවං සොයමු අපි නිවන්...

    ReplyDelete