Thursday, May 10, 2012

කොන්දොස්තර මහතා , බසය සහ මගියෙක්.

හරියටම උබෙ හඬත්
බස් එකේ හඬ වගෙයි
බස් එකේ ඇන්ජිමත්
උබේ හදවත වගෙයි

නාසයේ වා කවුළු
වසා දමලා වගෙයි
දෙකන් අගුළුත් කඩා
නුඹේ හඬනම් ඇසෙයි

ඉදිරියට තල්ලුවත්
මුළු හිතම තෙරපවයි
ජීවිතේ තල්ලුවක්
ලැබුනොතින් පස්සටයි

ජීවිතේ ටිකට් පත
පොඩිම පංතියෙ වගෙයි
යෑම හරි දුෂ්කරයි
මහා කන්දක් වගෙයි

ඉතිරි රුපියල් නැතත්
හිතේ අහිතක් නැතෙයි
ජීවිතෙත් සිල්ලරයි
ලැබෙන නොලැබෙන එක සැකයි.

3 comments:

  1. මේ ඉංදියාවෙ බස් එකක් නේ

    ReplyDelete
  2. උපමා ටික නම් නියමෙට ගැලපෙනවා... කල්ප​ :)

    ReplyDelete