Thursday, May 10, 2012

අසමත් ප්‍රේමය.

සොඳුර ආපසු එන්න
ප්‍රේමයේ පාසලට
මා හැරලවා යන්න

කලින් අසමත් වෙච්ච
පාඩමක් දැනගන්න
ප්‍රේමයේ පාසලට
යන්න නැවතත් දෙන්න

ප්‍රේමයේ පොත් පිංච
තව ඇත්තෙ එහෙමමද?
ආයෙමත් ලියන්නට
තවත් පිටු තියනවද?

ප්‍රේමයේ විභාගය
පෙර වගෙම අමාරුද?
නියම පිළිතුර වුණත්
ප්‍රතිඵලය ගැන සැකද?

මට වඩා දක්ෂයන්
හැම තැනම ඉන්නවද?
කොයි තරම් හැකි වුණත්
තියන තරගය වැඩිද?

සොඳුර ආපසු එන්න
ප්‍රේමයේ පාසලට
මා හැරලවා යන්න.

1 comment:

  1. යලි එන්නෙ කෙසේ කියන්න මට
    මා ගොසින් ඉගිල අතීතයට
    තවත් ඇප්ලිකේෂ්න තවත් විබාග
    මා තවත් බිසී වී ඇත
    පරණ අපේක්ෂිකාව ඔබ මතක නෑ මට
    ඔබේ අංකය ඇතුවාද මංදා මං ලග

    ReplyDelete