Wednesday, April 25, 2012

හීනයක්.



කටු පඳුරු අතරහිද
පිපෙන තනි මලක වුව
හීන මහ ගොඩක් ඇත.

හීන ඇහිදිය යුතුය.
පාට කර ගත යුතුය.
හීනයක් අතර හිඳ
හීන වෙත යා යුතුය.

රැයක සඳ නැගෙන විට
නිසැකවම එළිය වන
එක් සොඳුරු සිහිනයක
නුඹ මලක් විය යුතුය.

සුවඳ දෙන ඒ මලට
බඹරු ඇදෙනා විටක
බඹරු දෙස නොබලාම
තව සිහින දැකිය යුත.

තවත් එක් සිහිනයක
හිමිදිරිය පිනි බිංඳු
නුඹේ මල් පෙති අතර
දිලිසෙමින් තිබෙනු ඇත.

සිසිලසක් දැනෙනු ඇත.
හිරව ඇති මහා බර
සුසුමකින් වැටෙනු ඇත.
උදාවන නව දිනක
සොඳුරු බව ලැබෙනු ඇත.

4 comments:

  1. මේ ෆේස් බුක් එකේ කවි ලියන කෙනා නේ.. අදයි මම බ්ලොග් වල දැක්කේ..

    කටු පඳුර අතර හිඳ
    සිහිනයක් දුටුව සඳ
    දුටුව ඒ සිහිනයක
    නුඹයී වී මට රැජිනියක

    සඳ රැයේ හිනැහෙමින්
    සිහිනයේ නහවමින්
    දෙතොල් මත තෙරපමින්
    සිහිනයක පා වුනෙම්

    අමතකව කටු පඳුරු
    සොයමි මම පෙති සිනිඳු
    ගලා හෙලමින් රුදිරු
    කටු ඇනෙයි තව රැදුරු

    ReplyDelete
  2. ස්තුතියි පසන් සහෝ...ලස්සනයි ඔයාගෙ කවිය.

    ReplyDelete
  3. //එක් සොඳුරු සිහිනයක
    නුඹ මලක් විය යුතුය.//

    ලස්සන කවි පෙළක්..
    සුබ පැතුම් තව තවත් නිර්මාණ කරන්නට..!!! :)

    ReplyDelete
  4. ස්තුතියි ගොඩක් නන්දු...

    ReplyDelete