Tuesday, December 27, 2011

නත්තල.

නත්තලේ අහස යට
විසිතුරුව පැළදගෙන
සළුපිළි ද අබරණ ද
නොයෙක් විසිතුරු බඩුද

සිටුවරුය ඇවිද යන
වීදියේ කඩ අතර
එවන් සිටුවරු ගෙනෙන
බොහෝ සැප ඇති රථය

නොයෙක් රස කර තැනුණ
මසින් රස කරන ලද
අවන්හල් සීරුවට
වීදියේ තැනින් තැන

කුසගින්න පිරි නෙතින්
සුවඳ යහමින් බුඳින
අම්මෙක්ය..! දරුවෙක්ය..!
කඩපිලේ දොර අසල

4 comments:

  1. අදමයි මේ පැත්තේ ආවේ..:) ඇත්ත තමයි යාළුවා පොසත් උදවිය නත්තල ජයටම සමරද්දිත්..:) දුප්පත් උදවියට උරුම සැමදා එක ලෙස පවතින දුක විතරමද....

    ReplyDelete
  2. සුභ නත්තලක් වේවා...

    ReplyDelete
  3. ඔන්න මමත් ආවා

    ReplyDelete
  4. බොහොම ස්තූතියි හැමෝටම...සුබම සුබ නත්තලක් වේවා..!!!

    ReplyDelete