Thursday, August 9, 2012

පඬිපත.

''ජීවිතය කොහෙද මිතුර ?
ඇතිද මාසික පඬිපත
දිනයකට?''

මදිය!

''පොඩියකට
අඩියකට
ලෙඩකට
දුකකට?''

මදිය!

''එළියකට
වලියකට
මගුලකට
හරියකට?''

මදිය!

''පාළුවට
කෙල්ලකට
ආලෙකට
මාලෙකට?''

මදිය!

''මිතුර,
අපි බැංකුවක් කඩමු
වංගුවක් දිගේ දුවමු
කන්දක බලාපොරොත්තු ගොඩ ගහමු
කන්දක හීන දකිමු
බංකුවක ඉදගෙන සිල්ලර ගණිමු
දාහේ කොළයකින් මොනර පිහාටුවක් ගලවගෙන
කතරගම දෙයියන්ට පුදමු.''

3 comments:

  1. ඔය මොක්කට විතරක් නෙවී අඩුම තරමෙ අවමඟුලකටවත් මදිනෙ.

    ReplyDelete
  2. ෂඃ අපුරුවටම ලියවිලා..:)

    ReplyDelete