මහ ගනඳුරු රැය එළිය කරන්නට
පාට පිරුණු මල් වලින් පලක් නැත
යාන්තමට හඳ එළියෙන් දිලිසෙන
වතු සුද්දා මලක් වෙන්න
බඹරුන් හට රොන් උරන්න
එපා සුවඳ පාට දෙන්න
බැතින් පිරුණු වට්ටියකට
වැදී මුනිඳු ළඟට යන්න
දූලි වැදී ගස් ඉති මත
එපා ඉන්න පරව යන්න
පිවිතුරු ලෙස රැයට පිපෙන
වතු සුද්දා මලක් වෙන්න





ලක්ෂණ කවියකි...
ReplyDeleteස්තූතියි අමිල.
ReplyDeleteඅර්ථවත් සහ ලස්සන කවි පෙළකි...:)
ReplyDeleteමම දුන්නු වතු සුද්ද ගහේ මල් පිපෙනවද??
ReplyDeleteඅපරාදේ අපි ආපු දුර කියලා හිතෙනවද ??
🌼🌼🌼🌼🌼🥰😘😘😘😘
ආසම සින්දුවක්
2026/09/16 22:56 pm