Saturday, October 15, 2011

|සමනලී කොහිද නුඹ|

පියා නොසලා මගෙන් ඉවතට
මගේ දැහැනට ඉඟිල එනු මැන
සතපවා මා රුකක් පාමුල
මගේ අබියස සැරිසරනු මැන

කඳුළු වියලුනු මගේ දෑසට
සොඳුරු දසුනක් ලබා දෙනු මැන
නුඹෙන් හැඩවුණු නොයෙක් මල් ඇත
පිපුණු නටු අග උඩඟු ලීලෙන්

ඈත පෙනෙනා නොයෙක කඳු මත
සැරසු මිහිකත මහා රුක් ගොමු
සැතපිලා ඉමු ඟිමන් හරිනට
සමනලී නුඹ එන්න මා වෙත.

0 ප්‍රතිචාර:

Post a Comment