Friday, August 19, 2011

|හදවතට තට්ටු කර|

හදවතට තට්ටු කර අසා බැලීමි
මා ඇයට ඇති ආදරයේ තරම
නැගුනි බොල් හඩක්

අනතුරුව ප්‍රතිචාර නැති කල
පපුව සිදුරුකර අතට ගෙන
රුධිරයෙන් නැහැවුනු හදවත
අසා බැලීමි ආදරේද මම ඇයට

හදවත නිහඬය පෙර ලෙසම
මහත් වූ ආවේගයකින් කිපුණු මම
හදවත මිරිකා අසා බැලීමි නැවතත්
ආදරේද මම ඇයට

තැති ගැණුනි මම
හදවත කියූ වදනින්
මදක් නිහඩව සිට

නිහඬ වූ ආදරය
රැදේ හැමකල්හිම
ලොවම දුටු ආදරය
පරණ වේයි මතු දිනක

ඒ ඇසූ මම
ගැහෙන හදවත දෙස බලා
කරබා ගතිමි.

0 ප්‍රතිචාර:

Post a Comment