Friday, June 8, 2012

නගරයේ කතාවක්.

දිළිඳු උපන්නේ නගරයෙ කානුවක
දිළිඳු කමට ඉපදුන අවජාතක පුතෙක
ඉසුරු ඉසුරු කියමින් කඩපිල් කොනක
මවක් යදී සිඟමන් දරුවකු ඇකෙක

''ඔහෙලගෙ රුපියලින් බඩ පිරෙනව මාත්තයා
දරුවට කිරි ටිකක් හය මස් අනාථයා''
යන එන මගියකුගෙ හදවත උගස් තියා
රුපියල් යදින්නිය දරුවෙකු ගැනම කියා

උදේ හවස බස් රථවල නගින්නියා
රෑට ගිහින් කඩ මුල්ලක ලගින්නියා
සෙනෙහස විකුණ රුපියල් සත ගණින්නියා
දරුව එක්ක සිඟමන් යන සිඟන්නියා

පියෙකු නොමැති පිය සෙනෙහස අහිමි පුතා
සෙනෙහස නැති මවු උකුළක රැඳුන පුතා
අඬා කාසි ඉල්ලන්නට උපන් පුතා
නුවර කොනක ඉසුරු හොයන දිළිඳු පුතා.

2 comments:

  1. Man adama thamai me blog ekata awe,,,
    Harima lassanata liyapu nisadas,,, eka husmata okkoma kiyewwa,,, kalekin kiyawapu lassanama nisadas,,,
    Thanks,,, puluwan Hama welema enna balanawa,,,
    Kumari,,,,

    ReplyDelete
  2. ඔබ දිළින්දෙක් වී ඉපදීම ඔබේ වරදක් නොවේ. එහෙමත් ඔබ දිළින්දෙක්ව මිය යන්නේ නම් එය ඔබේ වරදකි කියලා බිල් ගේට්ස් කියපු එක මතක් වුනා

    ReplyDelete