Sunday, September 25, 2011

|විරහව|

යමි
නිදමි
කොට්ටයට
ගතු කියමි

හඩමි
වැළපෙමි
හිස් බවට
පෙම් කරමි

දකිමි
තුටු වෙමි
සුව සිහින
වැළදගමි

මිදෙමි
නැගිටිමි
නැවත සෝ
වැළදගමි.